අද (30) දිනයේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.