අද (09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර සහ සබගරමුව පළාත්වලත්, පුත්තලම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ක පමණ තරමක් තද වැසි ඇති වේ.
අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.