ලෝක පරිසර දිනය නොහොත් ජගත් පරිසර දිනය අද (05) දිනයට යෙදී තිබෙනවා. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ.
මෙම තේමාව යටතේ වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා. ජගත් පරිසර දිනයේ ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.