ලෝකවාසී ශ්රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්රද්ධාවෙන් ආමිස හා ප්රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා. ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති රාජ්ය තාන්ත්රික කල්යාණ මිත්රත්වයේ ප්රතිඵලයක් ලෙස මිහිඳු මාහිමියන් වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවේ අද වැනි පොසොන් පොහොය දිනයකයි.
මහින්දාගමනයට අමතරව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසද සැලකෙන අතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්රථමවරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදුවූයේද අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය ආමිස හා ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් සමරනු ලබනවා.