මෙරට ප්‍රකට ප්‍රවීණ සංගීතඥයකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසු වුණා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය වුනු ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍ය කීපයක් වන ‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ යන වේදිකා නාට්‍ය සඳහා ඔහු සංගීතය සපයා තිබෙනවා.
අප සැවොම දන්නා “යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා” ගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර ප්‍රසිද්ධ නිර්මාණයක් වනවා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.