වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.
“Vision 2030” මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්රහ කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය මෙන්ම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්රතිලාභ පෙන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
දළ දේශීය නිෂ්පාදිතයේ 6.5% ක වර්ධන වේගයක් අත්කර ගැනීම, උද්ධමනය සහ විරැකියා අනුපාතය 5%ක් දක්වා අඩු කරලීම අරමුණු කර ගනිමින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා දියුණු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය දී මෙම ලේඛනය සකස් කර ඇති බව වැඩිදුරටත් සඳහන්. (එසැණ)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.