2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමිව තිබෙනවා.
මෙම සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, ලහිරු කුමාර ඇතුළත් කර තිබෙනවා.
වනිඳු හසරංග, මහීෂ් තීක්ෂන සහ දිල්ෂාන් මධුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කිරීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත ඇතුළත් කර තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.