බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි.
බිරිඳ බොගෝනාට දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි අධිකරණය නියෝග කළේ පසුගිය සතියේය. එම අවස්ථාවේදී, තමන් ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න ඊයේ (29) පවසන බව පේඩ්‍රෝ සැන්වේස් මාධ්‍ය හමුවේ කියා තිබුණි.
ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු ද හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ජනතාවගේ ඉල්ලීම සලකා තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු නොගැනීමට තීරණය කළේ යැයි පේඩ්‍රෝ සැන්චේස් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.