ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) මහත්මිය ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. මෙලෙස ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ .
ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය , ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය වේ .

එක්සත් ජාතීන්ගේ සංවිධානය , ලෝක වෙළඳ සංවිධානය (W.T.O. ) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ( W.I.P.O. ) යන සංවිධාන නියෝජනය කරන එකම වානිජ මණ්ඩලය වේ .
එසේම මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ “තිරසර නාගරීකරණය” පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවකි. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.