Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
  • ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා – ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF), ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ ගමනක
News 3 Views

ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF), ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ ගමනක

Buzzer EditorialBy Buzzer EditorialApril 24, 2026Updated:April 28, 2026No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්රී ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි. මෙම පසුබිම මත, ජාත්යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්ය හමුවක් සංවිධානය කරමින්, සිංහ සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා රට පුරා ඇති කර තිබෙන බලපෑම සහ විශේෂයෙන් ලෝක ආහාර වැඩපිළිවෙල (WFP)සමඟ ඇති සහයෝගීතාවය ඉස්මතු කළේය.

ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ ඇති මෙම සහයෝගීතාවය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFPUSA) සහ LCIF අතර ඇමරිකානු ඩොලර් මිලියන 2ක හවුල් වැඩසටහනක කොටසක් වන අතර, එය ශ්රී ලංකාව සහ නේපාලය ඉලක්ක කර ගනිමින් ක්රියාත්මක විය. මෙම වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP Sri Lanka) හට ඔවුන්ගේ “ගෙවත්තෙන් පන්තියට” (Home-Grown School Feeding) වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලැබී ඇත. එමඟින් පාසැල් ආහාර සැපයුම්කරුවන් සහ ගොවීන් ශක්තිමත් කිරීමත්, ජාතික පාසැල් ආහාර වැඩපිළිවෙල (National School Meals Programme) යටතේ පාසල් දරුවන් සඳහා ලබාදෙන ආහාරයේ පෝෂණ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත් සිදු වේ.

තවද, දැනට Lions of Sri Lanka විසින් LCIF හි ඇමරිකානු ඩොලර් 400,000ක වටිනාකමකින් යුතු ‘Protect Child Nutrition’ ව්යාපෘතිය ක්රියාත්මක කරමින් සිටින අතර, එමඟින් ශ්රී ලංකාව පුරා දරුවන් 5,000කට ආසන්න සංඛ්යාවකට දෛනික පාසල් ආහාර ලබා දීම සිදු කරයි. වසර තුනක කාලයක් සඳහා සැලසුම් කළ මෙම වැඩසටහන, සමාජයට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අධ්යාපනය ප්රවර්ධනය කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා වැදගත් වේ.

මෙම මාධ්ය හමුවේ දී, ශ්රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයට විසඳුම් ලබාදීමට LCIF හි ගෝලීය ප්රදානයන් හරහා තිරසාර වැඩසටහන් ක්රියාත්මක කළ හැකි ආකාරය ද පැහැදිලි කෙරිණි. එසේම, දේශීය සේවාව ගෝලීය හවුල්කාරිත්වයන් හරහා තවත් ශක්තිමත් වන ආකාරය ද අවධාරණය කෙරිණි.

මෙම මාධ්ය හමුවට LCIF සභාපති සහ හිටපු ජාත්යන්තර සභාපති ෆැබ්රිසියෝ ඔලිවේරා මහතා, ශ්රී ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP Sri Lanka) නියෝජිත සහ මෙරට අධ්යක්ෂ, එසේම හිටපු සිංහ ජාත්යන්තර සභාපති මහේන්ද්ර අමරසූරිය මහතා සහ LCIF භාරකරු මහේෂ් පැස්කුවල් මහතා ඇතුළු සිංහ නායකයන් සහභාගී වූහ.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ LCIF සභාපති සහ හිටපු සිංහ ජාත්යන්තර සභාපති ෆැබ්රිසියෝ ඔලිවේරා මහතා, WFP සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් සිංහ සමාජය වර්තමාන පෝෂණ අවශ්යතා සපුරාලීම පමණක් නොව, ප්රජාවන්ගේ දිගුකාලීන යහපැවැත්ම සඳහා ද ආයෝජනය කරනු ලබන අතර ශ්රී ලංකාව යනු දේශීය නායකත්වය සහ ජාත්යන්තර සහයෝගීතාව එකට එක්වූ විට අර්ථවත් මෙන්ම දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වන විශිෂ්ට උදාහරණයක් බවත් ප්රකාශ කර සිටියේය. කිසිදු දරුවෙකුට අනාගතයේ ආහාර අනාරක්ෂිතභාවයක් ඇති නොවීමේ අරමුණින් ඔවුන් එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.

LCIF ආරම්භයේ සිට මේ දක්වා ශ්රී ලංකාව සඳහා ලබාදී ඇති ප්රදාන මුදල සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 17කට ආසන්න වේ. Ditwah ආපදා ප්රතිසාධනය සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් 300,000ක විශේෂ ආපදා ප්රදානය ඇතුළු විශාල සංවර්ධන ව්යාපෘති රැසක් මෙම අරමුදල් මඟින් ක්රියාත්මක කර ඇත.

LCIF ක්රියාකාරකම්වල විශේෂත්වයක් වන්නේ ලැබෙන සෑම ඩොලරයක්ම පරිපාලන වියදම් කිසිවක් අඩු නොකර සේවා ව්යාපෘති සඳහාම යොදවනු ලැබීමයි. මෙම ආකෘතිය හරහා සෑම පරිත්යාගයකම බලපෑම සහ ප්රවේශය වැඩි කරමින්, පරිත්යාගකරුවන්ගේ විශ්වාසය ද ශක්තිමත් කරයි. මෙම අවස්ථාවේ දී ඉස්මතු වූ වැදගත් කරුණක් වන්නේ, මෙම සේවාවන් පුණ්ය කටයුතු පමණක් නොව, හවුල්කාරිත්වය සහ විශේෂඥ දැනුම මත පදනම් වූ සංවිධානාත්මක, ජාතික වැදගත්කමක් ඇති වැඩසටහන් දක්වා වර්ධනය වී ඇති බවයි.

LCIF සහ WFP අතර ඇති මෙවැනි හවුල්කාරිත්වයන්, ශ්රී ලංකාවේ සමාජීය සහ ආර්ථික අභියෝගයන්ට විසඳුම් සෙවීමේ දී සම්බන්ධීකරණය වූ, තිරසාර ක්රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කරයි. එක්සත්භාවය, උපායමාර්ගික ආයෝජනය සහ සේවයට ඇති පොදු කැපවීම හරහා, සිංහ සමාජය ජාතියට වඩාත් ශක්තිමත් සහ ආහාර ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට මූලිකත්වය ලබා දෙයි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්
Next Article හැකර්වරුන් ගත්ත රජයේ ඩොලර් මිලියන 2.5 ගැන රජයෙන් විධිමත් ප්‍රකාශයක් නෑ – විපක්ෂනායක
Buzzer Editorial

Related Posts

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20261 Views

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

By Buzzer EditorialJuly 22, 202601 Views

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී…

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
  • ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී දැනුවත් කරලා – ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.