ජපානය විසින් සඳ වෙත යැවූ ‘මූන් ස්නයිපර්’ නම් අභ්‍යවකාශ යානය සඳ මතට සාර්ථකව ගොඩ බස්වා ඇති බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) පවසනවා.
ඒ අනුව, සාර්ථකව සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වන ලද පස්වන රට බවට ජපානය පත් වූ අතර, මීට පෙර අමෙරිකාව, සෝවියට් සංගමය (පෙර), චීනය සහ ඉන්දියාව යන රටවල් සාර්ථකව චන්ද්‍ර යානා ගොඩ බස්වා තිබුණා.
කෙසේ නමුත්, ගොඩ බැස්වීමේදී සිදුවූ යානාවේ බල සැපයුමේ ගැටලුවක් හේතුවෙන් තවමත් එහි තත්ත්වය පරීක්ෂා කරමින් පවතින බවයි ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය කියා සිටියේ.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.