මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරහැර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බවයි සඳහන් වන්නේ.
කුඹල් පෙරහර අද (21දා) සිට 25 දින දක්වා වීදි සංචාරය කෙරෙන අතර අනතුරුව රන්දෝලි පෙරහර 26 දින ආරම්භ වනවා.