නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (13) ශ්රී ලංකාවේ දී ආරම්භ වනවා. මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් ක්රීඩා කරන අතර ජුලි 23 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර සත්කාරක ශ්රී ලංකා A කණ්ඩායම හා බංග්ලාදේශ A කණ්ඩායම අතර තරගය කොළඹ SSC ක්රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හා ඕමාන A කණ්ඩායම අතර තරගය CCC ක්රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.