මෙතෙක් සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10.00 සීමාව සංශෝධනය කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බවයි අදාළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.