මැයි 9 දින පැවැත්වූ යැයි කියන රාත්‍රී සාදයක් සම්බන්ධ නඩුව විභාග කරන මධ්‍යම අපරාධ අංශය (CCB) විසින් තෙළිඟු චිත්‍රපට නිළි හේමා සඳුදා දින ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 57 හැවිරිදි හේමා ද නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පැවැසෙයි. සාදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
සාදයට පැමිණි 103 දෙනෙකු පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඔවුන්ගෙන් හේමා ඇතුළු 87 දෙනකුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සහභාගී වූවන් අතර පිරිමින් 73 ක් සහ කාන්තාවන් 30 ක් ඇතුළත් විය. සාදයේ දී හමුවූ නීති විරෝධී මත්ද්‍රව්‍ය සියල්ලම පොලිසිය සිය භාරයට ගෙන ඇත. (NDTV)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.