Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ මෙල්බර්න් අතර ගුවන් ගමන්වල සත්වන සංවත්සරය සමරයි
Financial 10 Views

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ මෙල්බර්න් අතර ගුවන් ගමන්වල සත්වන සංවත්සරය සමරයි

Buzzer EditorialBy Buzzer EditorialNovember 26, 2024No Comments2 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2017 වසරේ දියත් කරන ලද කොළඹ සහ මෙල්බර්න් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි.  මෙල්බර්න් හී සිට කොළඹ දක්වා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාව වෙත හා ඉන් ඔබ්බට සංචාරය කිරීමට මෙන්ම ඔස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව අතර සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය මහඟු මෙහෙවරක් ඉටුකර තිබේ.  විශේෂයෙන් මෙම මෙල්බර්න් – කොළඹ සෘජු ගුවන් වාරය සිය නිවාඩුව ගත කිරීම සඳහා දිවයිනට පැමිණෙන ශ්‍රීලංකිකයන් අතර මෙන්ම ඉන්දියානු සංචාරකයින් අතර ද බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

“ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, සංචාරක ප්‍රවර්ධනය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා අඛණ්ඩව ගුවන් මෙහෙයුම් සිදුකරන මෙවන් මොහොතක, මෙල්බර්න් සහ කොළඹ අතර ගුවන් ගමන්වල සත්වන සංවත්සරය සැමරීමට හැකි වීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසර හත තුළ ගොඩනඟා ඇති ශක්තිමත් පදනමත් සමඟින් ඉදි‍රියේදීත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය හොඳින් ස්ථානගත වී ඇත.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

“අපගේ මෙහෙයුම්වල සාර්ථකත්වය පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වෙනවා. මෙම ජයග්‍රහණය අපගේ මුළු කණ්ඩායමේ ම වෙහෙස මහන්සි වී කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතර, ඒ වෙනුවෙන් කටයුතු කල සියලු දෙනාට මම මගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා. ඉදිරියේදීත් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අපගේ සබඳතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු වී. රවීන්ද්‍රන් මහතා පැවසී ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය එයාර්බස් A330-300 සහ A330-200 ගුවන් යානා කොළඹ සහ මෙල්බර්න් අතර ගුවන් මෙහෙයුම් සඳහා භාවිතා කෙරේ. UL604 සහ UL605 ගුවන් ගමන් දැනට කොළඹ සහ මෙල්බර්න් අතර දිනපතා ක්‍රියාත්මක කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය හැකි සෑම විටම ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ලබයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලබන අවස්ථා සඳහා සහයෝගය දක්වමින් සහ ඕස්ට්‍රේලියාවේ “Melbourne Half Marathon” සහ “The Great Ocean Road Running Festival” වැනි ප්‍රධාන ක්‍රීඩා ඉසව් සඳහා අනුග්‍රහය දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සන්නාම ප්‍රවර්ධන කටයුතු සිදු කරයි. එමෙන්ම ‘Invest Victoria’ ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, ගුවන් සේවය සංචාරක හා සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ සිය මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් වික්ටෝරියා ප්‍රාන්ත රජය අතර සබඳතා ශක්තිමත් කර ඇත.

හත්වැනි සංවත්සරය සැමරීමේ උත්සවය විචිත්‍රවත් සංස්කෘතීන් දෙකක් අතර බැඳීම තව තවත් ශක්තිමත් කරමින් දෙරටේ සංචාරකයින් ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ සංචාරය කිරීමට උද්‍යෝගිමත් කිරීමක් ලෙස සැලකිය හැකිය.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකුට IPL වරම්
Next Article බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපයේ සුළි කුණාටුවක් වන ලකුණු
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.