වීසා නොමැතිව අද (01) සිට ශ්රී ලාංකික සංචාරකයින් හට තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ අනුව දින 60 ක කාලයක් සඳහා වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.
තායිලන්තයේ සංචාරක ක්ෂේත්රය ප්රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ශ්රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයින්ට අදාල වීසා ප්රවර්ධන වැඩසටහනක් තායිලන්ත කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමත කරනු ලැබුවා.
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.