ICC ලෝක ක්රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කේසි කාති (Keacy Carty) ලකුණු 87 ක් හා ජොන්සන් චාල්ස් (Johnson Charles) ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී සිටියදී 44 වන පන්දුවාරයේදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 104 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 34 ලබා ගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.