2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.