Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 2025දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ආර්ථික තත්ත්වයක්
Financial 2 Views

2025දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ආර්ථික තත්ත්වයක්

Buzzer EditorialBy Buzzer EditorialJanuary 3, 2026No Comments3 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පසුගියදා හටගත් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වුවත් සමස්ථයක් ලෙස ආර්ථික අර්බුදයෙන් පසු ගතවූ 2025 වර්ෂය, ශ්‍රී ලංකාව කැපී පෙනෙන ආර්ථික තත්ත්වයක් අත්කරගෙන තිබේ.

මේ ප්‍රධාන ආර්ථික දර්ශකවල 2025 වර්ෂයේ අත්පත් කරගත් ආර්ථික තත්ත්වයන් නිරූපනය වූ අයුරු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායත් සමග ශ්‍රී ලංකාව 2025 වර්ෂය පිළිගත්තේ ආර්ථික අර්බුදයෙන් පසු නැවත වතාවක් රට ආර්ථිකමය වශයෙන් යථාතත්ත්වයට පත් කිරීමේ අරමුණින්ය.

ඒ අනුව මෙරට ආදායමෙන් ප්‍රධානම පංගුව වන බදු අදායම වාර්තාගත අදායම් රැස්කිරීමක් බවට පත් කරගැනීමට පසුගිය වර්ෂයේ හැකියාව ලැබුණි.

වසර 93කට පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම ලෙස රුපියල් බිලියන 2,203ක ආදායමක් 2025 වර්ෂයේදී උපයාගෙන තිබේ.

එය වසරේ ඉලක්කගත අදායමට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් වන අතර එය 2024ට සාපේක්ෂව 15%ක වර්ධනයක් බව දේශීය ආදායම් දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බදු ආදායම්, බදු නොවන ආදායම් සහ ප්‍රදාන සමගින් 2025 වසරේ මුල් මාස 11 තුළ උපයා ඇති සමස්ථ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,961.8කි.

එය 2024 මුල් මාස 11ට සාපේක්ෂව 35%ක වර්ධනයකි.

2024 වසරේ මුල් මාස 11තුළ පැවති රුපියල් බිලියන 928ක් වූ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 2025 වසරේ මුල් මාස 11 තුළදී රුපියල් බිලියන 1,942ක් දක්වා වර්ධනය වී ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මේ අතර 2025 මුල් මාස 11 තුළදී අමෙරිකානු ඩොලර් බිලියන12.4ක වටිනාකමකින් යුත් වෙළෙඳ භාණ්ඩ අපනයනය කර තිබෙන අතර අමෙරිකානු ඩොලර් බිලියන 19.3ක වටිනාකමකින් යුත් වෙළෙඳ භාණ්ඩ මෙරටට ආනයනය කර තිබේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළ වෙළෙඳ හිඟය ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක ප්‍රමාණයක් සටහන්ව තිබේ. 

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලෙස 2025 වසරේ මුල් මාස 11 තුළ අ.ඩො. මිලියන 7,197.1ක ප්‍රමාණයක් ලැබී තිබෙන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 21%ක වර්ධනයකි.

චීන මහජන බැංකුව සමඟ විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළුව 2025 නොවැම්බර් මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත සටහන්ව ඇත්තේ අ.ඩො. බිලියන 6ක් ලෙසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව 2025 වසරේ දෙසැම්බර් 29වනදා දක්වා සංචාරකයින් 2,344,978ක් මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව ඉතිහාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණි වර්ෂය ලෙස 2025 වර්ෂය සටහන්වෙයි.

එමෙන්ම 2025 වසරේ මුල් මාස 11 තුළ සංචාරක ඉපැයීම් ලෙස අ.ඩො. මිලියන 2,910.6ක ප්‍රමාණයක් උපයා තිබෙන බව මහ බැංකු වාර්තාවල සඳහන්ය.

දෙස් විදෙස් ආයෝජකයින් තුළ මෙරට ආයෝජනය පිළිබඳව ඇති විශ්වාසය පෙන්නුම් කරන ප්‍රබල දර්ශකයක් ලෙස සැලකිය හැකි කොළඹ කොටස් වෙළෙඳපොලද 2025 වර්ෂයේදී නව වාර්තා පිහිට වූවේය.

ඒ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වූ 23,659.7ක අගය 2025 වසර තුළදී වාර්තා කරමින් මෙන්ම වෙළදපොල පිරිවැටුම ප්‍රථමවරට රුපියල් ට්‍රිලියන 1.2 සීමාව පසු කරමින්ය.

එමෙන්ම ඉතිහාසයේ ප්‍රථමවරට වෙළදපොල ප්‍රාග්ධනීකරණයද රු.ට්‍රිලියන 8 සීමාව පසුකළේද 2025 වසරේදීයි.

2025 වසරේ වෙළදපොළ ගනුදෙනු සදහා විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය දැක්වෙන්නේ 6.2%ක් ලෙසයි.

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleමෙක්සිකෝවට ප්‍රබල භූමිකම්පාවක්
Next Article වෙනිසියුලාවට ප්‍රහාර එල්ලවූයේ අමෙරිකාවෙන්
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.