Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉන්දු – පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි – ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති
News 4 Views

ඉන්දු – පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි – ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

Buzzer EditorialBy Buzzer EditorialFebruary 10, 2026No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ ඒ සඳහා සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක කර නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X පණිවිඩය මගින් සඳහන් කර තිබේ.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගය සඳහා සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී තිබුණි.

පාකිස්තාන රජය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ නියමිත කාලසටහනට අනුව පෙබරවාරි මස 15වන දින ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය සඳහා පිටියට පිවිසෙන ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී ඇති බවය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලු ජාතීන්ට මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය වීමට මෙම තීරණය ගෙන ඇති බව පාකිස්තානු රජය පෙන්වාදී තිබුණි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා විසින් නිල වශයෙන් ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත.

ලබන 15 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් මීට පෙර දැනුම්දී තිබුණි.

එවන් පසුබිමක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (09) පස්වරුවේ පවත්වා තිබුණි.

එහිදී ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපතිවරයා, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමයේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ලබාදුන් සහයෝගය මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කර තිබේ.

දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

එහිදී ජනාධිපතිවරයාගේ සුහදශීලී ඉල්ලීම පිළිගන්නා බවත් ශ්‍රී ලංකාවෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළකරන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

featured News pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ නඩුව මාර්තු 16 වැනිදාට කල් යයි
Next Article විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි
Buzzer Editorial

Related Posts

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20261 Views

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

By Buzzer EditorialJuly 21, 202601 Views

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව…

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.