Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රීලංකන් අක්‍රමිකතා ගැන හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්
News 0 Views

ශ්‍රීලංකන් අක්‍රමිකතා ගැන හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Buzzer EditorialBy Buzzer EditorialJuly 23, 2025Updated:July 23, 2025No Comments3 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්ගලික) සමාගම්වල සිදුවී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර ඇත.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් විය.  

එහිදී, ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ  සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුනොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙම සිදුවීම් පිළිබඳව ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත්, එම තත්ත්ව නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදු වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කමිටුවට දැනුම් දුන්නේය.

මෙම විශේෂ විමර්ශන කමිටුවට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයන් වෙත ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිණ.

ඒ අනුව, මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ මහතාද, සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න යන මහත්ම මහත්මීහුද කටයුතු කරති.

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් 2010-2025 කාලය තුළ සිදුකරන ලදැයි කියන,

•ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය 
බලය අනිසි ලෙස භාවිත කිරීම සහ වරප්‍රසාද අනීතික ලෙස ලබා ගැනීම
•සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සහ බඳවා ගැනීම්වලදී සිදු වී ඇති අක්‍රමිකතා
•ගුවන් සේවා ආරක්ෂක කටයුතුවල දුර්වලතා
•තීරුබදු රහිත සාප්පු ගනුදෙනු සහ විදේශ රටවල අලෙවි නියෝජිතයන්ගේ ගනුදෙනු සහ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතා
•ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුමට ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන ලද පරිපාලනමය වැරදි, දූෂණ සහ අක්‍රමිකතා සහ/ හෝ බාහිර මැදිහත් වීම් 
•ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වර්ෂ 2000 සිට 2025 දක්වා කාලය තුළ ගුවන් යානා සහ රුපියල් මිලියන දහයට වඩා වටිනා භාණ්ඩ සහ සේවා ප්‍රසම්පාදනය කිරීමේදී සහ/හෝ බදු දීමේදී/ගැනීමේදී සිදු වී ඇති දූෂණ සහ අක්‍රමිකතා
 යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, ජේ.සී වැලිඅමුණ කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාව මඟින් අනාවරණය වූ වැරදි තීරණ ගැනීම්වලට සහ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම, ඒවා නිවැරදි කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනාගතයේ එවන් තත්ත්ව යළි ඇති වීම වැළැක්විමට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ කාර්යභාරය වේ. 

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
Next Article ඇප මත මුදාහරින ලෙස ඉල්ලූ රාජිතගෙන් ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි
Buzzer Editorial

Related Posts

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි

June 18, 2026

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 18, 20261 Views

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

By Buzzer EditorialJune 18, 202601 Views

මැදපෙරදිග කලාපය වෙළාගත් දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි

June 18, 2026

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.