ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් පෙරේදා (24) නියෝග කළේය.

අධිකරණ නියෝගයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසා ඇත්තේ, බිරිඳ බොගෝනා ගෝමස්ට එල්ල වන එම චෝදනා මුල්කොට ගනිමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවය.

‘ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මා ඉදිරියේ දී තීරණයක් ගන්නවා.’ යැයි අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් පවසා ඇත්තේ සිය එක්ස් ගිණුම ඔස්සේය. ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න තමන් ලබන සඳුදා දිනයේ ප්‍රකාශ කරන බව ද අග්‍රාමාත්‍ය සැන්චේස් අවධාරණය කර ඇති අතර, එතෙක් සියලු රජකාරි කටයුතුවලින් ඉවත් වන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version