ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2024 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගත යුතුව තිබෙන බව රජය පවසනවා.

මේ අනුව අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් සහ ක්‍රියා පටිපාටිය සකස් කිරීම පිණිස 2023 මාර්තු මාසයේදී අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්ව අපරාධයකින් උපයා ගත් දේපල පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති ගැටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version