පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගන්න අවස්ථාවේ තිබුණු සහල් මිල හා දැන් තිබෙන සහල් මිල අතර ලොකු වෙනසක් තිබෙන බව කී අමාත්‍යවරයා දැන් සුදු කැකුළු කිලෝවක් රුපියල් 125 ත් 130ත් අතර මිලදී ගැනීමට අවස්ථාව තිබෙන බව කීය.
ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසීය. වී මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙන බවද ඒ අනුව ‘යල’ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් කර අවසන් බවද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් වන හානිය ද ඉතා විශාල බවද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද කී මහින්ද අමරවීර මහතා පසුගිය වසරේ පොල් වගාවෙහි ගෙඩි මිලියන අනූ තුනකට අධික ප්‍රමාණයකට රිලවුන් විසින් විනාශ කර තිබෙන බව පැවසීය. (ලංකාදීප)