ඉන්ධන නිකුත් කිරීමේදී QR පද්ධතිය භාවිත කරන ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමුඛත්වය ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා බ්‍රහස්පතින්දා CEYPETCO ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත. ජාතික ඉන්ධන බලපත්‍රයේ QR පද්ධතිය භාවිත කරන පිරවුම්හල්වලට පමණක් ඉන්ධන බෙදා හැරීමට තීරණය කර තිබෙනවා.
QR පද්ධතිය අනුගමනය කිරීමේදී ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවධානය යොමු කරන ලද අතර ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. ඉදිරියේදී ඉන්ධන භාවිත කරන යන්ත්‍ර සූත්‍ර QR පද්ධතියට ඇතුළත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. මේ යටතේ යන්ත්‍ර සූත්‍ර සඳහා වෙනම QR කේතයක් නිකුත් කරනු ලබන අතර, විදුලි ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර, දම්වැල් කියත් වැනි වාහන පන්තියේ වර්ගීකරණය කළ නොහැකි යන්ත්‍ර සූත් රවලට මෙමගින් ඉන්ධන ලබාගත හැකි වනවා.