ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා විසින් කරන ලද චෝදනාවලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ලක්ෂපාන බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සහ ජල කළමනාකරණය සඳහා ලංවිම සතුව ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද විදුලි කප්පාදුවක් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.