මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන අය ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය , ඒකමතිකව තීන්දු නොගැනීම වැනි කාරනා හේතුවෙන් තමා සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.