Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » විනාශකාරී දේශපාලනයක් නැවත ඇති වීමට ඉඩක් නැහැ – ජනපති
Financial 0 Views

විනාශකාරී දේශපාලනයක් නැවත ඇති වීමට ඉඩක් නැහැ – ජනපති

Buzzer EditorialBy Buzzer EditorialMarch 11, 2025No Comments3 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළෙඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ පුද්ගලික හෝටලයේ ඊයේ (10) පැවති  තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන  සමුළුවට එක්වෙමිනි.

තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියේය.

ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නිර්දේශවලට අනුකූලවද  යම් යම් තීන්දු ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය .

ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, එම නිසා බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය .

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 

රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා ජපන් රජයෙන් නවතා තිබූ ආර්ථිකමය වශයෙන් වැදගත් වන  ව්‍යාපෘති 11ක සහ චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

සැලකිය යුතු ප්‍රමාණයකින් ආර්ථික ස්ථායිත්වයක් ආයෝජකයන් වෙත ලබා දීමට වත්මන් රජය මේ වන විටත් කටයුතු කර ඇත. 

එබැවින්, මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමටත්, පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් මහා පරිමාණ ආයෝජන රැගෙන ඒමටත් වත්මන් රජයට හැකි ව තිබේ.

ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම, තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළ තුළටත් පියමං කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට වත්මන් රජය සූදානම් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලංකාවේ ප්‍රබලතම දේශපාලන ස්ථාවරත්වය සහිත පාලනය සිය රජය විසින් ගොඩනඟනු ලැබ තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙතෙක් කල් බිහි වූ පාර්ලිමේන්තු තුළ මෙරට පුරවැසියා දුටුවේ වරෙක විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමත්, වරෙක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයා හිටි හැටියේ විපක්ෂය නියෝජනය කිරීමත් බවද පැවසීය. 

එවැනි තත්ත්වයක් වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආණ්ඩුව හා විපක්ෂය යනුවෙන් නිශ්චිත වෙන්වීමක් ඇති බවද පෙන්වා දුන්නේය. 

එය දේශපාලන ස්ථාවරභාවය පෙන්වීමට හොඳම නිදසුනක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  කියා සිටියේය.

ආදර්ශමත් දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආරම්භ කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිහිපත් කළේය. 

එබැවින් වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තහවුරු කර සිටියේය.

රජයේ මැතිඇමතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ තරුණ ව්‍යවසායකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකෙහෙළියගේ බැංකු ගිණුමකට අදාළ නියෝගය ලබන 17 වනදා
Next Article බස්නාහිරට, සබරගමුවට සහ වයඹට මි.මී 75 ඉක්මවූ වැසි
Buzzer Editorial

Related Posts

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

June 18, 2026

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 18, 20261 Views

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 

By Buzzer EditorialJune 18, 202601 Views

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්…

ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද

June 18, 2026

දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි

June 18, 2026

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
  • දරුණු යුද ගැටුම් නිමා කිරීමට අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට
  • සලේ උපවාසය අත්නොහරින බවට යළි අවධාරණය කරයි
  • රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.