ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළියේ සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සම්පත් ලියනගේ මහතා පැවසීය.
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන්ගේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (7) සවස 4 සිට ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය. මීට අමතරව තැපල් සේවකයන් සංවිධාන කරන විරෝධතා ව්‍යාපාරයක් ලබන 9 පැවැත්වේ.
තැපැල් දෙපාර්තමේන්තුව සතු මෙම ගොඩනැගිලි සංචාරක ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීමට ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 නුවරඑළිය නගර සංවර්ධන පිළිබඳ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇති බව සම්පත් ලියනගේ මහතා පැවසීය.
මෙවැනි වටිනා ගොඩනැගිලි මෙලෙස පෞද්ගලික අංශයට පැවරීම ජාතික අපරාධයක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.