වී අලෙවි මණ්ඩලයේ (PMB) සහල් PMB සහල් සන්නාමය යටතේ ලබන සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කෙරේ.
සහල් (ගොවීන්ගෙන් මිලදී ගන්නා වීවලින්) වෙළෙඳපොළට ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා PMB සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දී තිබේ. PMB Rice යන වෙළඳ නාමය යටතේ මෙම සහල් පාලන මිලට වඩා අඩු මිලට ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදාහරින PMB සහල් ලබන සතියේ කොළඹදී මහජනතාවට අලෙවි කිරීමට නියමිතයි.
මෙම සහල් කිලෝග්‍රෑම් පහේ සහ 10 පැකට් ලෙස බෙදා හැරීමට නියමිත අතර ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථ මඟින් කොළඹ විවිධ ස්ථානවල අලෙවි කිරීමට නියමිතය. පළමු කාණ්ඩයේ බත් පැකට් ලක්ෂ දෙකක් කොළඹදී අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.
සඳුදා (20) පැවති සාකච්ඡාවකදී අමාත්‍ය අමරවීර මහතා සඳහන් කළේ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ සහල් අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කරන බවයි. මේ ආකාරයට වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීමට PMB යම් දායකත්වයක් ලබාදෙයි.
සතොස සුපිරි වෙළදසැල් ජාලය සහ අනෙකුත් සුපිරි වෙළඳසැල් මගින් PMB සහල් සන්නාමය යටතේ රට පුරා සහල් බෙදාහරින බවද ඔහු පැවසීය.