පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (31) නොතීසි නිකුත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව විසින් ප්‍රකාශයක් සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුවට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසයි මෙලෙස නොතීසි නිකුත් කර තිබෙන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.