සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද එකගතාවය ප්‍රකාශ කර තිබේ. මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණි.
මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාලව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාල අවබෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතය. මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සදහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමට එකගතාවය පළ කර තිබේ.
ආරක්ෂිත සංක්‍රමණය සහ විදේශ රැකියා සම්බන්ධයෙන් අවධානමට ලක්විය හැකි පිරිස් අතර දැනුවත්භාවය ඇති කිරීම සදහා වන වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන අතර මිනිස් ජාවාරම සහ අක්‍රමවත් සංක්‍රමණ වැලැක්වීම සදහා තීරණාත්මක කාර්යභාරයක්ද මේ හරහා ඉටු කෙරේ. එම වැඩසටහන් ක්‍රමිකව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය හරහා ලංකාව හා නවසීලන්තය අතර වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජන ජීවිතය වඩාත් දියුණු කිරීම සදහා වන දායකත්වය ලබාදීමටත් අපේක්ෂා කරන බවත් නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී අවධාරණය කර සිටියේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)


දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.