පානීය ජල බෝතල් සම්බන්දයෙන් නව නීතියක් ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මින් ඉදිරියට පානීය ජලය ඇසුරුම් කළ හැක්කේ විනිවිද පෙනෙන බෝතල්වල පමණයි.
වෙළදපොළේ පානීය ජලය අලෙවි කරන ඇතැම් බෝතල් නිල් පැහැති වර්ණයෙන් යුක්ත බවත් එවැනි බෝතල් අලෙවි කිරීම ඉදිරියේදී තහනම් කරන බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඉදිරියේදී විනිවිද පෙනෙන බෝතල් පමණක් නිශ්පාදනය කිරීම සදහා ඒවායේ නිශ්පාදන ආයතන වෙත සහන කාලයක් ලබා දීමටද නියමිත බවයි.
මීට අමතරව මින් ඉදිරියට වෙළදපොලට නිකුත් කළ හැක්කේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බෝතල් පමණක් බවට වන නව නීතියක්ද හදුන්වාදෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ. රට පුරා සිදු කළ සමික්ෂණයකදි අනාවරණ වි ඇත්තේ ඉවත දමන ප්ලාස්ටික් බෝතල්වලින් ප්‍රතිචක්‍රීකරණය සිදු වන්නේ සියයට 25ක් පමණක් බවයි. නව නීති ඇතුලත් ගැසට් නිවේදනය මාසයක් ඇතුළත නිකුත් කරන බවද මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළා.
මේ අතර තහනම් කරන ලද ප්ලාස්ටික් මල් මාලා, එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට සහ ඉදිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි භාණ්ඩ වැටලීමේ කටයුතු ඔක්තොම්බර් මස සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අනුවල මේවනවිට වෙළඳපොළේ පවතින එම භාණ්ඩ ඉවත් කර ගැනිමට සහ නිශ්පාදනය කර තිබූ භාණ්ඩ තොග ඉවත් කර ගැනීම සඳහා ලබා දුන් සහන කාලය ලබන මාසයෙන් අවසන් වනවා. (සෘජු උපුටාගැනීම: නෙත් නිව්ස්)