නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය.
එලෙස මහනුවර බලා ගමන් කොට තිබුණේ තමන් මෙතෙක් කල් භාවිත කළ සාමාන්‍ය මෝටර් රථවලින් බව වාර්තා වේ.
ඔහු කොළඹ සිට කුරුණැගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර බලාගොස් තිබේ.
නව ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිත නොකර මෙලෙස සාමාන්‍ය රථ දෙකක් පමණක් යොදාගනිමින් මහනුවරට පැමිණීම එහි සිටි ජනතාවගේ පැසසුමට ලක්වන අන්දම දැකගත හැකිවිය.