Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පෝලිම්වල මියයාමට සිදු වූවා වැනි අර්බුදයක් නැවත ඇතිවීමට ඉඩක් නෑ – ජනපති
News 0 Views

පෝලිම්වල මියයාමට සිදු වූවා වැනි අර්බුදයක් නැවත ඇතිවීමට ඉඩක් නෑ – ජනපති

Buzzer EditorialBy Buzzer EditorialSeptember 18, 2025No Comments6 Mins Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉන්ධන, ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මියයාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු  අද (17) ආරම්භ කරමිනි.

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකියක් ඇතුළු ගබඩා ටැංකි 06ක ඉදිකිරීමේ කටයුතු මෙසේ ආරම්භ කෙරිණි.

බලශක්ති කේෂ්ත්‍රයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ආර්ථික ස්වාධිපත්‍යයක් ළඟා කර ගැනීමට  වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ප්‍රගතිශිලී පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතා‍වගේ සහයෝගය ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ජනතාවගේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා රජයට වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැපවීමෙන් කටයුතු කරනවා. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සඳහා කවර හෝ වෘත්තිය සමිතියක් බාධා කරනවා නම් ඒ වෙනුවෙන් තීරණයක් ගන්න අප පැකිළෙන්නේ නැහැ. ගතානුගතික සම්ප්‍රදායෙන් ආයතනයකට ඉදිරියට යන්න බැහැ. ඒවගේම මිනිස් ශ්‍රමයෙන් පමණක් ආයතනයක් ඉදිරියට  යන්නේත් නැහැ. ආයතනයක් ඉදිරියට යාමට නම් තාක්ෂණය හා විද්‍යාව එක් කළ යුතුයි. තාක්ෂණය හෝ විද්‍යාවට බිය කිසි ආයතනයක් දියුණු වන්නේ නැහැ. තාක්ෂණයට හෝ අලුත් දෙයක් කරන්න බිය වන රටක් ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අප යාන්ත්‍රීකරණයට ආයතන ලක් කළ යුතුයි. ආයතන යාන්ත්‍රීකරණය කළාට අප යාන්ත්‍රික නැහැ. අප තෙතමනයක් සහිත මිනිස්සු. ඒ නිසා ආයතන යාන්ත්‍රික කිරීමේදී සේවකයින්ට සිදු වන දේ අප හොඳින් අවබෝධ කර ඊට පිළියම් ලබා දෙනවා.  

පරණ තිබෙන අදහස වන්නේ ආණ්ඩුවක් පෙරළුණු විට පැවැති ආණ්ඩු පක්ෂ වෘත්තිය සමිතියේ අයට අලුතින් පත් වූ ආණ්ඩුවේ වෘත්තිය සමිතියට බැඳෙන්න කියා බල කරනවා. එහෙම නැතුව අනෙක් වෘත්තීය සමිතිවල අයට ගේට්ටුවෙන් ඇතුලට එන්න දුන්නේ නෑ. තෙල් සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදාගෙන තිබුණා. ඉතිහාසයේ ඡන්ද පොළවල් මංකොල්ලකෑමට පවා රාජ්‍ය සේවකයින් යොදාගත්තා. 

පසුගිය වසරේදී අප වෙනස් කළේ එවැනි දේශපාලන සංස්කෘතියක්. එමගින් කිසිදු රාජ්‍ය සේවකයෙකුට හිරහැර සිදු වුණේ නැහැ. අපේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන්නේ පැරණි විනාශකාරී අන්තයමද? එහෙම ජනතාව අපේක්ෂා කළා නම් අපට ඡන්දය දෙන්නේ නැහැ. ඒ අය පැරණි පාලකයෝ තෝරා ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 159ක් ලබා දෙන්නේ නැහැ. එහෙත් සමහර අය වෙනස් වෙන්න සූදානම් නැහැ. අපි ඒ අයට ආරාධනා කරනවා වෙනස් වෙන්න සූදානම් වෙන්න කියලා.  එසේ නොමැති නම් අප තීන්දු ගන්න සූදානම්. මොකද අප හාර හාර බල බල වැඩකරන්නේ නැහැ. මේ සිදු වූ ප්‍රගතිශිලි පරිවර්තනය පටු දේශපාලන කෝණයකින් බලන්න එපා. 

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නවීකරණය කිරීම සඳහා ඉරාන නායකයා ඇවිත් මුල්ගල තැබුවේ මිට වසර පහ‍ළොවකට විස්සකට කලින්, නමුත් එය නිසි කලට සිදු වූයේ නැහැ.  එම නිසා විදුලිබිලට පවා අමතර බරක් පැමිණ තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවිකරණය කරනවා වගේම ධාරිතාව වැඩි කිරීමටත් අප කටයුතු කරනවා. ඒ වගේම තෙල් ගවේෂණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට විද්වතුන්, විද්‍යාඥයින්  ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.  

‍අපේ ජනතාවට මැතිවරණ කාලවලදි තෙල් සොයා ගත්ත කතා අහන්න ලැබෙනවා. පළමු බොරතෙල් බෝතලය හොයා ගත්තේ 1970 මැතිවරණයේදීයි.  එහෙත් අප වෘත්තීයවේදීන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ට එහි වගකීම් ලබා දී තිබෙනවා. අවශ්‍ය පහසුකම් පමණක් රජය සපයනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 26,000ක් පාලනය වෙන්නේ එක පාලන අධිකාරියක් යටතේයි.  එසේ තිබියදී ගැටලුවක් මතු වූ විට නිශ්චිතව එම කරුණ සොයා ගැනීමට අපහසු වී තිබෙනවා. අර්බුදයට අයිතිකාරයෙක් නැහැ. විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්න නීතිය සම්මත කර තිබුණේ මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙරයි. එයින් බලශක්ති ස්වාධිපත්‍යයට බලපෑම් වන බව අප දැක්කා. එම නීතිය වෙනස් කළ එක අපරාධයක්ද?  විදුලිබල සේවකයෝ අකුරට වැඩ කරන්නේ හෝ ලෙඩ නිවාඩු ගන්නේ ඒ නිසාද? ඒ අයට ඉදිරි මාස දෙකක කාලය තුළ තෝරා ගන්න මාර්ග තිබෙනවා.

කලාපයේ විදුලිබිල වැඩි රටවල්වල ඉදිරියෙන් ශ්‍රී ලංකාවත් සිටින බව සමහර අය කියනවා.  අප එම නිසා විදුලි ඒකකයක පිරිවැය අවම කිරිමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල තිබුණේ ඉහළ මට්ටමකයි. පුනර්ජනනීය විදුලිය අවභාවිත කර තිබුණා. සමහර දියඇලි දේශපාලකයින්ගෙ හයිය අරගෙන ලයිසන් අරගෙන විකුණා තිබුණා. මේ ලයිසන් ගත් සමහර අයට විදුලිබලය ගැන කිසිදු දැනුමක් නැහැ. අප ආණ්ඩු බලය ලබා ගන්න කලින් උතුරේ යම් භූමියක සුළං විදුලිබලාගාරයක් ලබා දී තිබුණේ ඩොලර් ශත 8කටයි. අප ඒ භූමියම, ඒ සුළඟම භාවිත කරලා විදුලි ඒකකයක් ඩොලර් ශත 4කට නිපදවන ආයතනයකට ලබා දුන්නා. ඒ කියන්නේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සියයට 50කින් අඩු කර ගැනීමට අපට හැකි වුණා.  සියඹලාණ්ඩුවේ මෙගා වොට් 100ක සූර්ය විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් ආරම්භ කළේ පළමු වතාවටයි. මේ කිසිදු ව්‍යාපාරිකයෙක් අප හඳුනන්නේ නැහැ, අපේ මිතුරන් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ රටට වාසි වන ව්‍යාපෘති සිදු කිරීමයි. 

කෙරවලපිටිය ආරම්භ වුණේ ඩීසල් බලාගාරයක් ලෙසයි. එහෙත් එය එල්.එන්.ජී බලාගාරයක් ලෙස පරිවර්තනය කිරිමට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ යෝජනා කළා. එසේ සිදු කළ‍හොත් විදුලි ඒකකයක් සියයට 50කට අඩුවෙන් නිපද විය හැකියි. එහෙත් 2015 – 2019 ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැති අතර ගැටුම ආවේ කෙරවලපිටිය ලබා දෙන්නේ කුමන සමාගමටද යන්න තෝරා ගන්න බැරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අදටත් කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයක් බවට පත් කරන්න බැරුව තිබෙනවා. එම නිසා විදුලිබිල අඩු නොකිරීම නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත් වෙලා. 

ඉදිරියේදී ත්‍රිකුණාමලයේ රජය සතු තෙල් ටැංකි 24ක නවීකරණය කර භාවිතයට ගැනීමට සැලසුම් කර තිබෙනවා.  ඊට අදාළ ගිවිසුම් නිසි දිනට ආරම්භ කර නිම කිරිමට අප බලාපොරොත්තු වෙනවා. 

පසුගිය මාස 08 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක ලාභයක් ලබා තිබෙනවා.  ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ඉන්ධන සපයන්නේ ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොවෙයි. ඒ නිසා ඒ ලාභය ඍජුව ජනතාවට ලබා දෙන්න බැහැ. ඒ නිසා එම ලාභය  අධ්‍යාපනය, සෞඛ්‍යය මඟින් වක්‍රව ජනතාවට ලබා දීමට අප කටයුතු කරනවා. 

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද? රාජ්‍ය සේවය වෙනුවෙන් 2027 වන විට  රුපියල් කෝටි 33,000ක් වැටුප් වැඩි කිරිමට වෙන් කරනවා. එහෙත් එයින් ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවාද? කියන එක සිතන්න අවශ්‍යයි. ආණ්ඩුවේ ආයතනවල තානායම් තිබෙනවා. ඒවා වාණිජ භාවිතයට ගෙන ආදායම් ලැබීමේ මාවතකට ගෙන ආ යුතුයි. සමහර දේශපාලකයින්, හිටපු ජනාධිපතිවරුන්  වසර 31ක් ඉඳලා තිබෙන්නේ රජයේ ගෙවල්වල.  අප ඒවා වෙනස් කරනවා. රට ශිෂ්ට සම්පන්න කිරීමට අප කටයුතු කරනවා. පාලකයෝ ‍දේවත්වයට ආරූඪ කළ යුගය අප අවසන් කළා. අප සියලු දේ දන්නේ නැහැ. දැනුම තිබෙන සියලුදෙනා කතා කරන්න. අප සියලුදෙනාට ඉඩ දී තිබෙනවා. විද්‍වතුන් කතා නොකර සිටීම අපරාධයක්. ඒ නිසා විද්‍වතුන් සහ ක්ෂේත‍්‍රවල ප්‍රවීණයන් කතා කළ යුතුයි. ඔවුන්ගේ අදහස් අරගෙන අප මේ රට හදන ගමන ඉදිරියට ගෙන යනවා. අප තෙතමනයක් ඇති මිනිස්සු.  ඒ නිසා 2022 වගේ තෙල් පෝලිම්වල, ගෑස්‍ පෝලිම්වල මිනිස්සු මැරුණ වගේ අර්බුදයක් නැවත ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ.”

කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඛනිජ තෙල් ගබඩා ටැංකි හයක් ඉදිකිරීම සඳහා M/s Indo East Engineering – Ceylex Engineering JV  ආයතනය වෙත රුපියල් බිලියන 3.7ක සම්පූර්ණ මිලකට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. කොන්ත්‍රාත් කාලය මාස 24ක් වන අතර, ව්‍යාපෘතිය 2027 සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ කොළොන්නාව ස්ථාපනයේ නව ගබඩා ටැංකි ඉදිකිරීම මගින් රටේ ඉන්ධන ගබඩා ධාරිතාව බෙහෙවින් ශක්තිමත් කරන අතර, රටේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදනවල තිරසාර, කාර්යක්ෂම සහ අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම සඳහා එය සහායක් වනු ඇති බවය.
 

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්
Next Article මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.