ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය ගුවන් යානයකින් පැමිණි කාන්තාවක් සතුව තිබී ඉන්දීය රුපියල් කෝටි 47ක පමණ වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
අදාළ කාන්තාවගේ ගමන් මල්ල තුළ සූක්ෂම ලෙස සගවා තිබූ කොකේන් කිලෝ ග්‍රෑම් 4.7ක තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය ආදායම් බුද්ධි අධීක්ෂණ අංශයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි සැකකරුවෙකු ඇතුළු තවත් පුද්ගලයින් සිවු දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තාව ඇතුළු සැකකරුවන් 5 දෙනා ජාත්‍යන්තර මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය පැවසීය.
