මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක සිටි ව්‍යාපාරිකයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමගින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පෑලියගොඩ බස්නාහිර පළාත උතුර දිසාව අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත අද (01) දින සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී එම ගිනි අවිය සහ උණ්ඩ 13ක් සහ පතුරන් ගැබක්ද එම කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබේ.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පිස්තෝලය ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනට භාවිත කරන නවතම ගිනි අවියක් බවය.

ව්‍යාපාරිකයාගෙන් මේ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මීට වසර දෙකකට උඩදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ හීනටිගල මහේෂ් විසින් සිදුකළ වෙඩි තැබීමක් සහ කප්පම් මුදල් ලබා ගැනීම හේතුවෙන් සිය ආරක්ෂාව සඳහා මෙම පිස්තෝලය ලබා ගත් බවය.

ඒ අනුව මේ වන විට අත්අඩංගුවවේ පසුවෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙලේබද්දර පද්මේ නැමැත්තාගෙන් මෙම ගිනි අවිය ලක්ෂ තුනහමාරක මුදලක් දී තමන් ලබා ගත් බවත් සැකකාර ව්‍යාපාරිකයා හෙළි කර තිබේ.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා හෙට (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීම් නියෝග ලබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

Share.
Leave A Reply

Exit mobile version