සේවා අවශ්‍ය තාවයන් මත ස්ථාන මාරැවිම් කරනු ලැබුවද එම ස්ථාන මාරැවිම් නොසලකා එම ස්ථානයේම රාජකාරියේ නිරතව සිටි උතුරු මැද කලාප අධ්යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබේ.
මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව හා හිඟුරක්ගොඩ යන කලාපවල සේවය කළ කලාප අධ්යක්ෂවරු සිවු දෙනෙකි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභය ලක්ෂ්මී හේවාපතිරණ මහත්මියගේ අස්සනින් යුතුව මේ අනිවාර්ය නිවාඩු යැවීම සිදු කර ඇත.
වසර පහකට අධික කාලයක් එකම ස්ථානයේ රාජකාරියේ නිරතවිමේ හේතුවෙන් මොවුන් ස්ථාන මාරුවීම් සිදුකර දින දාහතරක් (14) ගත වී තිබියදීත් බලහත්කාරයෙන් තමන් රාජකාරි කළ ස්ථානයේම රැඳී සිටීම මෙයට හේතු වූ බව සිදුකළ විමසුමේදි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසිය.
අනිවාර්ය නිවාඩු යවන ලද කලාප අධ්යක්ෂවරු මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. මොවුන් සඳහා ඉදිරියේදී චෝදනා පත්‍රයක් ලබා දීමටද නියමිතය.
අනිවාර්ය නිවාඩු යැවිමේ හේතුවෙන් පුරප්පාඩුවු කලාප අධ්යක්ෂවරු සිවු දෙනා වෙනුවට පළාත් අධ්‍යාපන දෙපාරතමේන්තුව විසින් අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිවු දෙනෙකු තාවකාලිකව පත්කොට තිබේ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.