දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ.
අද පෙරවරු 9යි 15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති බව සදහන් වෙයි.
පසුව යතුරු පැදිකරු පලාගොස් ඇති බවද පොලිසිය සදහන් කළේය.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වු පුද්ගලයා සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


