සෙනසුරාදා දරුණු බැක්ටීරියා ආසාදනයක් ඇති වීමෙන් පසු මැඩෝනා දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගත කළාය. ඇයගේ කළමනාකරු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ ලෝක සංචාරයක් කල් දමන බවයි.
ගායිකාව තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව ගයි ඔසේරි Instagram හි පැවසු අතර නමුත් සම්පූර්ණ සුවය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරණ බවද ප්‍රකාශ කළේය. “සංචාරය සඳහා නව ආරම්භක දිනයක් සහ නැවත කාලසටහන් කළ සංදර්ශන ඇතුළුව, ඒවා අප සතුවූ වහාම අපි ඔබ සමඟ වැඩි විස්තර බෙදා ගන්නෙමු,” ඔහු පැවසීය.
ඔසේරි ඇතුළු මැඩෝනාගේ නියෝජිතයින්ට ඇගේ තත්වයේ බරපතලකම හෝ ඇය අවදියෙන් හා ප්‍රතිචාර දක්වනවාද යන්න පිළිබඳව අදහස් දැන ගැනීමට වහාම ළඟා විය නොහැකි විය.
Amy Schumer, Jack Black සහ Lil Wayne ඇතුළු තවත් අය ඇතුළත් වීඩියෝ පටයකින් ඇයගේ සැමරුම් චාරිකාව, ජූලි 15 වැනි දින වැන්කුවර් හිදී ආරම්භ වීමට නියමිතව තිබූ බවට ප්‍රචාරය කල තිබු අතර, ප්‍රසංග ලබන වසර දක්වා දීර්ඝ කිරීමට දැනට සැලසුම් කර ඇත. සියැටල්, නිව් යෝර්ක්, ඩී.සී., මෙක්සිකෝ සිටි සහ ලන්ඩන යන නගර ඇතුළත් කර මෙම සංචාරය සකස් කර ඇත.
64 හැවිරිදි මැඩෝනා සිය සංචාරය ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු පැවසුවේ “මම මේ කිසිවක් සුළු කොට නොගනිමි. “මම ලෝකයේ වාසනාවන්තම ගැහැණු ළමයා ලෙස මට හැඟෙනවා.”
2005 සහ 2009 වසරවල අශ්වාරෝහක අනතුරු ඇතුළුව පසුගිය වසර කිහිපය තුළ මැඩෝනා හට සෞඛ්‍යයට හානිවන සිදුවීම් මාලාවක් සිදුවී ඇත. 2020 දී, ඇය ලිස්බන් හි ප්‍රසංගයක් හදිසියේ අවලංගු කිරීමෙන් මාස කිහිපයකට පසු, ගෙවීගිය කාටිලේජ සඳහා පුනර්ජනනීය ප්‍රතිකාර ලබා ගන්නා බව ඇය “මගේ ශරීරයට සවන් දී විවේක ගැනීමට සිදු විය” යැයි ප්‍රකාශ කළාය. (වොෂින්ටන් පෝස්ට්)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.