Kandy Falcons vs Dambulla Aura
Lanka Premier League 2022 T20 තරගාවලියේ Kandy Falcons කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 77 ක ජයක් ලැබීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 58 ක්, Andre Fletcher ලකුණු 44 ක්, අශේන් බණ්ඩාර ලකුණු 42 ක් හා පැතුම් නිස්සංක ලකුණු 26 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Dambulla Aura කණ්ඩායමට පන්දුවාර 15 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 116 ක් පමණයි.
Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා ලකුණු 25 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 18 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් චමිඳු විජේසිංහ හා Carlos Brathwaite කඩුලු 3 බැඟින් බිඳ හෙළිමට සමත් වූ අතර චාමික කරුණාරත්න හා Fabian Allen කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
Colombo Stars vs Galle Gladiators
Lanka Premier League 2022 T20 තරගාවලියේ Colombo Stars කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 2 ක ජයක් ලබා ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle Gladiators කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Gladiators කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 72 ක්, Asad Shafiq ලකුණු 58 ක් හා තනුක දාබරේ ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Colombo Stars කණ්ඩායම තියුණු සටනකින් පසු 20 වන පන්දුවාරයේදී කඩුලු 8 ක් දැවී සිටියදී ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
Colombo Stars කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 63 ක් හා චරිත් අසලංක ලකුණු 46 ක් ලබා ගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.