2023 ජුලි 31 සිට අගෝස්තු 22 දක්වා 4 වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොබෝ දා පියවර ගත්තා.
කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වේ.
“මෙම කාල සීමාව තුළ තරගාවලිය පැවැත්වීමෙන් ඉහළම ජාත්‍යන්තර දක්ෂතා ආකර්ශනය කර ගැනීමට අපට හැකි හොඳම අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයට ද ගැලපෙන බැවින් මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී තරගාවලිය පැවැත්වීමට අපි තීරණය කළෙමු,” ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා එසේ පැවසීය.
LPL ජූලි-අගෝස්තු කාල සීමාවට මාරුවීම ලීගය මුලින් සැලසුම් කළ “කවුළුවට” නැවත පැමිණීම සනිටුහන් කරයි.
Lanka Premier League යනු ජාත්‍යන්තර රසයක් සහිත ශ්‍රී ලංකාවේ ඉහලම T20 දේශීය තරඟාවලියයි.
තරඟාවලියේ සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වේ. (ශ්‍රී ලංකා ක්‍රිකට්)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.