ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හී SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබේ. එම ආයතනය කලම්බු පිල මිලදී ගැනීමත් සමඟම මෙවර එල්.පී.එල්. තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ නම කලම්බු ස්ට්‍රයිකර්ස් ලෙස වෙනස්ව තරග වදිනු ඇත.
ඇමරිකානු එක්සත් ජනපදයේ වාණිජ ඉඩම් මිලදී ගනු ලබන SKKY ආයතනය ඊට අමතරව අවන්හල් මෙන්ම විනෝදාත්මක සේවා සපයන ප්‍රකට ආයතන රැසකටම සේවය ලබාදෙනු ලබන ආයතනයකි.
මෙහි හිමිකරුවා වන්නේ සාගර් ඛන්නා වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නෙකි. එම කරුණ ප්‍රධාන කොට ඔහු නිව්යෝර්ක්හි සුප්‍රසිද්ධ ක්‍රිකට් ෆ්‍රැන්චයිසයක් වන SKKY ස්ට්‍රයිකර්ස්හි සම ආරම්භකයාය. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.