ලොව සුපතළ බ්‍රිතාන්‍ය කලාකරුවෙකු වන හෙන්රි මුවර්ගේ දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ කිව් ගාඩන්ස් උද්‍යානයේදී ආරම්භ කර තිබේ.
“Monumental Nature” ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය සඳහා මූර්ති 30ක් ඇතුළත් වන බව සඳහන් වෙයි.
එය 2027 ජනවාරි 31 දක්වා පැවැත්වේ.
මෙහි ඇති මූර්ති හතරක් සසෙක්ස් (Sussex) හි පිහිටි වේක්හර්ස්ට් (Wakehurst) උද්‍යානයේ 2027 මැයි දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වෙයි.
හෙන්රි මුවර් යනු 20 වන සියවසේ බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකරුවෙකි.
ඔහු ලෝකඩ භාවිතයෙන් නිමවූ අර්ධ-වියුක්ත මූර්ති සඳහා බෙහෙවින් ප්‍රසිද්ධය.
පසුගිය මාර්තු මාසයේදී ඔහුගේ “King and Queen” නම් කලා නිර්මාණය පවුම් මිලියන 26ක් වැනි ඉහළ මිලකට අලෙවි වී තිබේ.


