බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම් ජෝන් හීලි යුක්රේනයේ ඔඩේෂා නුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී හමුවිය. බ්‍රිතාන්‍යයේ නව රජය ද, පෙර පැවැති රජය සේම, යුක්රේනයට අවශ්‍ය සෑම විටම ආධාර ලබා දෙන බවට නව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
ඔඩේෂා යනු යුක්රේනයේ වරාය නගරයයි. මෙම නගරයට රුසියන් හමුදා නිරන්තරයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරයි. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ධුරයට පත් වීමත් සමඟ ජෝන් හීලිගේ පළමු විදෙස් සංචාරය ලෙස මෙම යුක්රේන සංචාරය හැඳින්විය හැකිය.
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට අවි ආයුධ, පතුරම් සහ මිසයිල ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවෙමින් පැහැදිලි කර ඇත. (Reuters)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.