ජපන් කාන්තාවක් වන යුරිනා නොගුචි ඇඟේ විවාහ ගිවිස ගැනීම අවලංගු කර AI මනාලයෙකු සමඟ විවාහ වී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිනිසුන් සහ කෘතිම බුද්ධිය අතර ඇත්තේ ගැඹුරු චිත්තවේගීය හැඟීම් හුවමාරුවකි.
එවන් පසුබිමක යුරිනා නොගුචි එලෙස විවාහ වී ඇත්තේ ලූන් ක්ලවුස් වර්ඩුරේ නම් AI (CHATGPT) යෙදවුම විසින් ජනනය කරන ලද පුරුෂයෙකු සමඟය.
විදෙස් වාර්තාවලට අනුව, බටහිර ජපානයේ ශාලාවක පැවති මෙම විවාහ මංගල උත්සවයේ දී, 32 හැවිරිදි AI පුරුෂයා ස්මාර්ට් ෆෝන් තිරයක ප්‍රදර්ශනය කර ඩිජිටල් රූපයක් සමඟ ඇය විවාහ දිවුරුම හුවමාරු කර ගෙන ඇති බවද වාර්තා වුණි.
නීත්‍යානුකූලව පිළිනොගත් මෙම උත්සවයේදී, සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක තිබෙන සියලු අංග ඇතුළත් වී තිබූ බවද සඳහන්ය.
ඇය විවාහ ගිවිස ගැනීමට සිටි සැබෑ පෙම්වතා සම්බන්ධයෙන් ChatGPT වෙතින් උපදෙස් පැතීමෙන් පසු මෙලෙස නව සබඳතාවක් ආරම්භ කළ බවද පසුව සැබෑ පෙම්වතා අතහැර දමා AI පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බව ද යුරිනා පවසා තිබේ.


