Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 23
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Financial 12 Views

Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Buzzer EditorialBy Buzzer EditorialFebruary 3, 2025No Comments3 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය, සිය වාර්ෂික ගෝලීය සමුළුවට කොළඹ නගරය තෝරාගනී

 ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ.

2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ Intrepid Travel කාර්යාලය මේ වනවිට කටයුතු කරයි. ඊට 276ක ඍජු කාර්යාල කාර්යමණ්ඩලයක් සහ 45ක දේශීය සංචරණ මඟපෙන්වන්නන් කණ්ඩායමක් ඇතුළත් ය. එබැවින් සමාගමේ ගෝලීය වාර්ෂික සමුළුව පැවැත්වීමේ පූර්ණ හැකියාවක් කොළඹ කාර්යාලය සතු ය.

Intrepid ගෝලීය සමුළුව 2025 පෙබරවාරි 24 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක පිහිටි සමාගමේ කාර්යාල 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන 200කට අධික ජාත්‍යන්තර සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. තව ද, Intrepid Travel සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සම-නිර්මාතෘවරු, ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම සහ 300කට වැඩි දේශීය කාර්යමණ්ඩලය ද සම්බන්ධ වීමට නියමිත ය.

දින හතරක් පුරා පැවැත්වෙන සමුළුවට, ක්‍රමෝපායික සාකච්ඡා, නායකත්ව වැඩමුළු, දේශීය ප්‍රජා සහභාගීත්වය සහිත වැඩසටහන් මෙන්ම නිරීක්ෂණ සංචාර ද ඇතුළත් ය. Intrepid සමාගම සිය ව්‍යාපාර කටයුතුවලට නායකත්වය ලබාදීම වෙනුවෙන් කාර්යමණ්ඩලයට ප්‍රමුඛ වගකීමක් හිමිවන ආකාරයේ ශක්තිමත් සහ ඍජු දායකත්වයක් සහිත ආයතනනික සංස්කෘතියක් පවත්වාගෙන යයි. ඒ අනුව මෙවර සමුළුවේ ක්‍රියාකාරකම් තුළින් එම පුළුල් අරමුණු ද සාක්ෂාත් කරගැනීමට හැකිවනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහභාගී කරවාගැනීම තුළ ගෝලීය කණ්ඩායම් සවිබලගැන්වීම සහ සමාගමේ ආසියානු ව්‍යාප්තිය වැඩිකිරීමට ඇති වුවමනාව ද හොඳින් පෙන්නුම් කෙරේ.

2024 ශ්‍රී ලංකා ජාතික සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම ළබැඳි සහකරු සම්මානය දිනාගැනීමට Intrepid සමාගම සමත්වීම ද තවත් විශේෂත්වයකි. එම සම්මාන උළෙලේදීම හොඳම තිරසර භාවිතාවන් සඳහා නිර්දේශිත අවසන් සමාගම් අතරට ද Intrepid සමාගම නම්වී තිබුණි.

″ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට අප සමාගමේ ප්‍රධානම කාර්යාලයක් බවට පත්ව අවසන්. අපේ පාරිභෝගිකයිනුත් මෙම විශිෂ්ට සහ සුන්දර දිවයින නැරඹීමට මහත් රුචිකත්වයක් දක්වනවා″, යනුවෙන් Intrepid Travel සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්ටන් මහතා පැවසුවේය. ″ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ දැක්ම හුදෙක් සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට විහිදී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තිරසර වර්ධනය සමඟ අර්ථාන්විත සහ ස්ථීරසාර බලපෑමක් ඇතිකිරීම අපේ අරමුණයි. අපගේ පාරිභෝගිකයින් අතුරින් බොහෝදෙනෙක් ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරාගැනීම තුළින් ශ්‍රී ලංකාව සතු දැවැන්ත විභවතාව හඳුනාගත හැකියි. එහිදී දේශීය ප්‍රජාවත් මෙම සාර්ථකත්වයේ පංගුකාරයෙක් කරගැනීමට අපි සහතික වෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ගෙනයන අතර දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවට සහාය වීමට හැකිවීම ගැනත් අපි බෙහෙවින් සතුටට පත්වෙනවා″, යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2024 වසරේදී Intrepid Travel සමාගම ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් 4,000කට වැඩි ප්‍රමාණයක් ගෙන ආ අතර, එය 2023 වසරට සාපේක්ෂව 206%ක වර්ධනයකි. එමෙන්ම එය කොවිඩ්-19 කාලයට පෙර පැමිණි ප්‍රමාණය ද ඉක්මවායෑමකි. වර්ෂ 2030 වනවිට සංචාරකයින් 15,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සමාගම සැලසුම් සකස්කර තිබේ. ඒ හරහා මෙරට දේශීය ප්‍රජාවට, සංචාරක මඟපෙන්වන්නන්ට මෙන්ම දේශීය ව්‍යාපාරවලට ද ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවනු ඇත.

″අපගේ ගෝලීය නායකත්ව කණ්ඩායම මෙන්ම ගෝලීය සගයින් ද කොළඹදී පිළිගැනීමට ලැබීම අපට විශාල ප්‍රීතියක්. එය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ආකර්ෂණ විදහා දැක්වීමටත්, අපගේ සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කිරීමටත් කදිම අවස්ථාවක්. ඒ සියල්ල අතරේ අප සමාගමේ දැවැන්තම වාර්ෂික හමුවීම අපේ රටේ පැවැත්වීමට හැකිවීමත් අප ලද භාග්‍යයක්″, යනුවෙන් Intrepid Travel සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා පැවසුවේය.

ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස යළි පිබිදෙමින් සිටින ශ්‍රී ලංකාවට, Intrepid Travel සමාගමේ ගෝලීය සමුළුව සංවිධානය කිරීමේ අවස්ථාව හිමිවීම ද මෙරට සංචාරක කර්මාන්තයේ පිබිදීමට දැවැන්ත පිටිවහලක් වනු නිසැක ය.

සේයා රුව: Intrepid ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්ටන් මහතා පසුගිය වසරේ ගෝලීය සමුළුවේදී…

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Next Article ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලසට දුහුල් ඇඳුමින් ආ බියංකා
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.