ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ණය මුදල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (20) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජූනි 7 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවාට දුරකථනයෙන් අමතා ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ණය මුදල සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
අදට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසගේ සංචාරය පිළිබඳව අගමැති වික්‍රමසිංහ මහතාට ජුනි 9 වැනිදා දැනුම් දෙන ලදී.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටම අතර ගිවිසුම්වලට එළඹීම මත ණය ලබාදීමේ ඉදිරි කටයුතු රඳා පවතින බවත්, නියෝජිත පිරිස සතියක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිට සාකච්ඡා කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය