ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු වී ඇත්දැයි සොයා බැලීම පිණිස මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා ප්රමුඛ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුව ඊයේ (10 වැනිදා) සවස කොළඹ දී සිදු වී ඇත. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මෙම දෙපාර්ශ්වය අතර හමුව සිදු වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බවත් ඒ හේතුවෙන් පරිපාලනයට එල්ල වන බලපෑම් පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෝ අයිසීසී නියෝජිතයන් හමුවේ එහිදී ප්‍රකාශ කර ඇත. මෙම බලපෑම් මත තම ආයතනයේ ස්වාධීනත්වයට ද හානි සිදුවී ඇති බව ද ඔවුහු අයිසීසී නියෝජිතයන් හමුවේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයන් හමුවේ ඊයේ එසේ සාකච්ඡා කළ ඉම්රාන් ක්වාජා ඇතුළු නියෝජිත පිරිස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා සමග අද (11 වැනිදා) සාකච්ඡා කිරීමට නියමිතය. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී අද සවස මෙම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව සිදුකිරීමට නියමිතය. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.